ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඩකලපුව කඳවුර 65 වන ජාතික නිදහස් දිනය සමරන ලදී

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඩකලපුව කඳවුර මගින් 65 වන ජාතික නිදහස් දිනයට සමගාමීව තමිලතිව් දූපතෙහි ජීවත් වන සිවල් ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා එම කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ඩබ්ලිව් එම් ඒ බී වැවේගම ගේ පූර්ණ අධීක්ෂණයෙන් හා එම කඳවුරේ සියලු නිළධාරීන්ගේ හා සෙසු නිලයන්ගේ සහභාගීත්වයෙන් සංවර්ධන වැඩ කටයුතු රාශියක් 2013 පෙබරවාරි මස 04 වන සහ 05 වන දිනයන්හිදී සිදු කරන ලදී.

තවද ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් අලුතින් විවෘත කරන ලද ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍ය පෙර පාසලේදී නිදහස් දිනය උදෙසා 2013 පෙබරවාරි මස 05 වන දින විශේෂාංග රාශියක් සංවිධානය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.