ගුවන් හමුදාපතිතුමන් බලලත් නිලධාරි සත්‍යරාජන් හට සුවිශේෂී නිර්භීතකම වෙනුවෙන් සම්මාන පිරිනමන ලදී.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා 2025 සැප්තැම්බර් 26 වන දින ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් සන්නිවේදන අංශයේ බලලත් නිලධාරී එන්. සත්‍යරාජන් මහතාගේ අසාමාන්‍ය නිර්භීත ක්‍රියාව අගය කරන ලදී.
2025 සැප්තැම්බර් 04 වන දින රාවණා දිය ඇල්ලේ සිදු වූ ඛේදජනක බස් අනතුරේදී සුන්බුන් අතර සිරවී සිටි බොහෝ තුවාලකරුවන් බේරා ගැනීම සඳහා පෞද්ගලික අවදානමක් සහිතව ස්වේච්ඡාවෙන් ගැඹුරු මිටියාවතකට බැසීමට සමත් වූ පළමු පුද්ගලයා වූයේ බලලත් නිලධාරී සත්‍යරාජන් මහතාය.
මෙම පරාර්ථකාමී සහ නිර්භීත ක්‍රියාව අගය කිරීමක් ලෙස ඔහු බලපංති සැරයන් තනතුරේ සිට බලලත් නිලධාරි තනතුර දක්වා උසස් කරන ලදී. ඉලෙක්ට්‍රොනික හා පරිගණක ඉංජිනේරු අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටිආරච්චි නිලධාරිතුමන්ද මෙම අවස්ථාවට සහභාගී විය.