ශ්රී ලංකා ගුවන් හමුදාව 'තරංග ශක්ති 2026' බහුජාතික ගුවන් අභ්යාසයට සාර්ථකව සහභාගි විය.
ඉන්දියාවේ ජෝද්පූර් ගුවන් හමුදා කඳවුරේදී 2026 ඔක්තෝබර් මස 12 වන දින සාර්ථකව නිමාවට පත් වූ දෙවන බහුජාතික ‘තරංග ශක්ති 2026’ (Tarang Shakti 2026) ගුවන් අභ්යාසය සඳහා ශ්රී ලංකා ගුවන් හමුදාව සාර්ථකව සහභාගි විය. රටවල් හතක ගුවන් හමුදාවන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම අභ්යාසය සඳහා සහභාගි වූ රටවල් අතර මෙහෙයුම් සහයෝගීතාව ශක්තිමත් කිරීම, ඒකාබද්ධව මෙහෙයුම් සිදු කිරීමේ හැකියාව වර්ධනය කිරීම සහ වෘත්තීය සබඳතා තවදුරටත් පුළුල් කිරීම සඳහා වැදගත් අවස්ථාවක් විය.
ජාත්යන්තර ආරක්ෂක සහයෝගීතාව සහ බහුජාතික ගුවන් මෙහෙයුම් සඳහා ශ්රී ලංකා ගුවන් හමුදාවේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරමින් Beechcraft King Air 360ER වර්ගයේ ගුවන් යානයක් සමඟ ශ්රී ලංකා ගුවන් හමුදාව මෙම අභ්යාසයට සහභාගි විය. මෙම සහභාගිත්වය තුළින් විදේශීය ගුවන් හමුදා සාමාජිකයින් සමඟ වෘත්තීය සබඳතා ගොඩනඟා ගැනීමට, මෙහෙයුම් පිළිබඳ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙන්ම විවිධ මෙහෙයුම් ක්රමවේද සහ ක්රියාපටිපාටි පිළිබඳ ප්රායෝගික අවබෝධයක් ලබා ගැනීමට ශ්රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින්ට අවස්ථාව හිමි විය.
මෙම අභ්යාසය සඳහා සහභාගි වූ ශ්රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට පහත සඳහන් නිලධාරීන් සහ සෙසු නිලයන්ට අයත් සාමාජිකයින් ඇතුළත් විය.
• විංග් කමාන්ඩර් පී.ජී.ජී.කේ බෝවත්ත – ප්රධාන නියමු (Captain Pilot)
• විංග් කමාන්ඩර් ඩී.එම්.ටී.එස්.බී කෙහෙල්වරාවේ – සහාය නියමු (Co-pilot)
• ස්කොඩ්රන් ලීඩර් ආර්.එච්.එස්.එච් රත්නායක – නාවිකරණ නිලධාරී සහ අත්තිකාරම් මුදල් භාර නිලධාරී (Navigator and Imprest Holder)
• ෆ්ලයිට් සාජන් ඉරෝෂන් ඩබ්ලිව්.ඒ.අයි – ගොඩබිම් ඉංජිනේරු I (Ground Engineer I)
• සාජන් හේරත් එච්.එම්.ඩී.එල් – ගොඩබිම් ඉංජිනේරු II (Ground Engineer II)
• කෝප්රල් දිසානායක එම්.එල් – ගොඩබිම් ඉංජිනේරු III (Ground Engineer III)
“Power in Partnership” (සහයෝගීතාව තුළින් ශක්තිය) යන තේමාව යටතේ 2026 සැප්තැම්බර් මස 26 වන දින සිට ඔක්තෝබර් මස 12 වන දින දක්වා පැවැති මෙම බහුජාතික ගුවන් අභ්යාසය සඳහා ඔස්ට්රේලියාව, බංග්ලාදේශය, ප්රංශය, ජර්මනිය, ශ්රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්යය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල ගුවන් හමුදාවන් සහභාගි විය.
මෙම අභ්යාසය මඟින් සහභාගි වූ රටවල ගුවන් හමුදා සාමාජිකයින් අතර වෘත්තීය සබඳතා වර්ධනය කර ගැනීමට, දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙන්ම විවිධ මෙහෙයුම් හැකියාවන්, උපක්රම සහ ක්රියාපටිපාටි පිළිබඳ අවබෝධය පුළුල් කර ගැනීමට අවස්ථාව සලසන ලදී.
මෙම බහුජාතික අභ්යාසය තුළින් ගුවන් යානා කාර්ය මණ්ඩල සහ ගොඩබිම් කාර්ය මණ්ඩල අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, තාක්ෂණික විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම සහ අනෙකුත් රටවල ගුවන් හමුදාවන් සතු මෙහෙයුම් හැකියාවන් හා ක්රියාපටිපාටි පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට ද අවස්ථාව හිමි විය. මෙවැනි අභ්යාස මඟින් ගුවන් හමුදා සාමාජිකයින්ගේ වෘත්තීය නිපුණතා ඉහළ නැංවීමට මෙන්ම සහභාගි වන රටවල් අතර අන්යෝන්ය විශ්වාසය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ද හැකියාව ලැබේ.
‘තරංග ශක්ති 2026’ බහුජාතික ගුවන් අභ්යාසය සඳහා ශ්රී ලංකා ගුවන් හමුදාවේ සහභාගිත්වය, ජාත්යන්තර හමුදා සහයෝගීතාව පුළුල් කිරීම, මෙහෙයුම් සූදානම ඉහළ නැංවීම සහ හවුල්කාර ගුවන් හමුදාවන් සමඟ වෘත්තීය සබඳතා ශක්තිමත් කිරීම සඳහා දක්වන අඛණ්ඩ කැපවීම මනාව පිළිබිඹු කරයි.
මෙම අභ්යාසය තුළින් ලබාගත් දැනුම හා අත්දැකීම්, ශ්රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් හැකියාවන් තවදුරටත් සංවර්ධනය කිරීමට මෙන්ම කලාපීය හා ජාත්යන්තර ආරක්ෂක සහයෝගීතාව සඳහා ගුවන් හමුදාව ඉටු කරනු ලබන කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කිරීමට ධනාත්මක දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරනු ලබයි.