මානුෂීය ආධාර රැගත් බංග්ලාදේශ ගුවන් හමුදාවේ C-130J ගුවන් යානය දිවයිනට පැමිණේ

අයහපත් කාලගුණික තත්ත්වයෙන් පසු ජාතික ප්‍රතිසාධන කටයුතුවලට සහාය වීම සඳහා මානුෂීය සහන තොගයක් රැගෙන බංග්ලාදේශ ගුවන් හමුදාවේ C-130J ගුවන් යානයක් 2025 දෙසැම්බර් 03 වන දින ශ්‍රී ලංකාවට පැමිණියේය. මුදවා ගැනීමේ සහන සේවා කටයුතු මෙහෙයවනු ලබන්නේ බංග්ලාදේශ ගුවන් හමුදාවේ එයාර් කොමඩෝර් මොහොමඩ් සහිදුල් ඉස්ලාම් විසිනි.

වෛද්‍ය සැපයුම්, ආහාර සැපයුම්, ආරක්ෂක ආම්පන්න සහ තාවකාලික නවාතැන් ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සහනාධාර මෙම සහනාධාර තොගයට අතුලත්ව ඇති අතර ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අතිගරු අන්දලිබ් එලියාස් විසින් ශ්‍රී ලංකා බලධාරීන් වෙත නිල වශයෙන් භාර දීම එදින සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.