ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම ජීවිතාරක්ෂක ජැකට් 100 ක පරිත්‍යාගයක් සිදු කරයි.
රට පුරා ගංවතුර, නායයෑම් සහ අනෙකුත් ස්වාභාවික විපත් වලින් පීඩාවට පත් ප්‍රජාවන් සඳහා සිදු කරනු ලබන ගලවා ගැනීමේ මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම විසින් ජීවිතාරක්ෂක ජැකට් 100 ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කිරීම 2025 දෙසැම්බර් 03 වන දින සිදු කරන ලදී.
මෙම පරිත්‍යාගය සංකේතාත්මකව භාරදීම ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලද අතර, එහිදී ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ධම්මික ඩයස් සහ අධ්‍යක්ෂ ජෙනරාල් සාමාන්‍ය ඉංජිනේරු එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ යන මහත්වරුන් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් ජීවිතාරක්ෂක ජැකට් නිල වශයෙන් භාර ගන්නා ලදී. ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම නියෝජනය කරමින් ජාතික විකුණුම් උපදේශක උදය ෆ්‍රැන්සිස් මහතා සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී ගයාන් කරුණාරත්න මහතා සමඟ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී විය.