ගුවන් හමුදාවේ 75 වන සංවත්සර සැමරුමට සමගාමීව සිදුකරන වාර්ෂික ‘පිච්චමල් පූජාව’ පවත්වන ලදී.
‘අහසේ ආරක්ෂකයින්’ ලෙස සිය 75 වන සංවත්සරය සැමරීමට සූදානම් වන ශ්‍රී ලංකා ගුවන් හමුදාව අඛණ්ඩව නවවන වරටත් කැලණිය රජ මහා විහාරයේදී ‘පිච්ච මල් පූජාව’ පවත්වන ලදී. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ අනුග්‍රහය යටතේ ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය මගින් 2026 පෙබරවාරි 24 වන දින සවස ගුවන් හමුදා නිලධාරීන්ට සහ සමස්ත ගුවන් හමුදාවටම ආශිර්වාද කිරීම සඳහා මෙම උත්සවය සංවිධානය කරන ලදී. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී විය.
ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ඔවුන්ගේ කලාත්‍රයන්, කඳවුරු අණදෙන නිලධාරීන් සහ අණදෙන නිලධාරීන්, ගුවන් හමුදා මූලස්ථානයේ සහ අනෙකුත් ගුවන් හමුදා කදවුරුවල නිලධාරීන් සහ අනෙකුත් නිලයන් මෙම අවස්ථාවට සහභාගී විය. මෙම උත්සවය ගුවන් හමුදා සංවත්සර සැමරුම් උත්සවය නිමිත්තෙන් පෙළගස්වා ඇති වැඩසටහන් මාලාවේ ආරම්භය සනිටුහන් කරනු ලබයි.