ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ නව අණදෙන නිලධාරීවරයකු පත්කෙරේ.

වවුනියාව ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරීවරයකු 2026 මාර්තු 12 වන දින සම්ප්‍රදායික භාරදීමේ/භාර ගැනීමේ පෙළපාළියක් සමඟින් සිදු විය. කඳවුරේ වැඩබලන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් යූ.ටී සම්පත් නිලධාරිතුමන් විසින් ගෲප් කැප්ටන් ආර්.එම්.සී.ජේ.කේ රත්නායක නිලධාරිතුමන් වෙත නව අණදෙන නිලධාරී තනතුර භාරදෙන ලදී.

කඳවුරේ නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් රත්නායක නිලධාරිතුමන් වවුනියාව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලෙස පත් කිරීමට පෙර ගුවන් හමුදා මූලස්ථානයේ විදේශ කටයුතු අධ්‍යක්ෂ ලෙස සේවය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.