ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික ක්‍රිස්තියානි අනුස්මරණ දේව මෙහෙය පවත්වන ලදී

සේවය සහ මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ ගුවන් හමුදා විරුවන්ට ගෞරව පුදමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික ක්‍රිස්තියානි අනුස්මරණ දේව මෙහෙය 2026 ජූලි 14 වන දින පැලවත්ත ශාන්ත ජෝන් ඩල් බැස්ටෝන් දේවස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

සුභසාධන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කළ මෙම ආගමික උත්සවය ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර විසින් සම්බන්ධීකරණය කර තිබූ අතර, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, නිලධාරීන්, සෙසු නිලයන්, සිවිල් කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙන්ම රාජකාරියේදී දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් ද ඊට සහභාගී විය.

බෑග්පයිපර් වාදකයන්ගේ පෙරමුණින් පූජකවරුන් පූජාසනය වෙත කැඳවාගෙන යාමෙන් දේව මෙහෙය ආරම්භ වූ අතර, ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන නිකායන් නියෝජනය කළ පූජකවරුන් එක්ව ආගමික වතාවත් සිදු කළහ. එහිදී ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව සුරක්ෂිත කිරීමේ වගකීම ඉටු කරන ගුවන් හමුදා සාමාජිකයින්ට දිව්‍ය ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී.

මෙවර දේව මෙහෙයේ විශේෂත්වයක් ලෙස ගුවන් හමුදා විද්‍යාපීඨය සහ සියලුම ගුවන් හමුදා කඳවුරු හා ස්ථාන නියෝජනය කරන ධජ පූජාසනය වෙත රැගෙන ගොස් ආශිර්වාද කිරීම සිදු කෙරිණි. එසේම, රාජකාරියේ යෙදී සිටියදී දිවි පිදූ සියලුම ගුවන් හමුදා සාමාජිකයින්ගේ නම් ඇතුළත් සමරු ලේඛනයක් ද පූජා කර කැප කිරීමෙන් ඔවුන්ගේ අමිල කැපවීම ගෞරවයෙන් සිහිපත් කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.