2026 ජාත්යන්තර දැල්පන්දු තරගාවලියේ ශූරතාව ශ්රී ලංකා ගුවන් හමුදාවට
2026 ඔක්තෝබර් මස 07 වන දින වැලිසර නාවික හමුදා ගෘහස්ථ ක්රීඩාංගණයේදී පැවති 2026 ජාත්යන්තර දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකා ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායම සමත් විය. මෙම තරගාවලිය සඳහා ඕස්ට්රේලියාවේ වුඩ්ස් දැල්පන්දු කණ්ඩායම ද සහභාගී විය.
තරගාවලිය පුරා විශිෂ්ට ක්රීඩා කුසලතා, කණ්ඩායම් හැඟීම සහ දැඩි අධිෂ්ඨානය විදහා දැක්වූ ශ්රී ලංකා ගුවන් හමුදා දැල්පන්දු සංචිතය ශූරතාව දිනාගන්නා ලදී. ශ්රී ලංකා නාවික හමුදා කණ්ඩායම අනුශූරතාව හිමිකර දිනාගන්නා ලදී ඕස්ට්රේලියාවේ වුඩ්ස් දැල්පන්දු කණ්ඩායම තරගාවලියේ තෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.
ගුවන් හමුදාව ලැබූ මෙම විශිෂ්ට ජයග්රහණය තවදුරටත් අභිමානවත් කරමින්, තරගාවලියේ දැල්පන්දු රැජින (Netball Queen) ලෙස නායක ගුවන් භට ධර්මසිරි සම්මානයට පාත්ර විය. විශිෂ්ට දක්ෂතා දැක්වූ කෝප්රල් පෙරේරා එල්.ආර්.ඩී. හොඳම පන්දු විදින්නා (Best Shooter) ලෙස සම්මානයට පාත්ර විය.
මෙම ජයග්රහණය සඳහා ක්රීඩක ක්රීඩිකාවන්, පුහුණු කාර්ය මණ්ඩලය සහ කළමනාකාරීත්වය දැක්වූ කැපවීම හා උනන්දුව මැනවින් පිළිබිඹු විය. එය ශ්රී ලංකා ගුවන් හමුදාවේ කීර්තිමත් ක්රීඩා ඉතිහාසයට තවත් සුවිශේෂී ජයග්රහණයක් එක් කරමින් ගුවන් හමුදාවේ ක්රීඩා කීර්තිය තවදුරටත් ඉහළ නැංවීමට දායක වී ඇත.