ශ්රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 09 ප්රහාරක හෙලිකොප්ටර් බලඝණයේ නව අණදෙන නිලධාරීවරයකු පත් කෙරේ
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත අංක 09 ප්රහාරක හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිලධාරී ධුරයේ රාජකාරී භාරදීම සහ භාරගැනීමේ උත්සවය 2026 ඔක්තෝබර් මස 07 වන දින එම බලඝණ පරිශ්රයේදී පැවැත්විය .
මෙහිදී පැවති නිල පෙළපාලියේදී, අංක 09 ප්රහාරක හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ගෲප් කැප්ටන් එම්.ජී.එච්. ද සිල්වා නිලධාරීතුමන් විසින් බලඝණයේ අණදීමේ සහ පරිපාලන වගකීම් නව අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් අයි.එස්.බී. තිබ්බොටුමුණුවේ නිලධාරීතුමන් වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
ගෲප් කැප්ටන් එම්.ජී.එච්. ද සිල්වා නිලධාරීතුමන් 2026 මාර්තු මාසයේදී අංක 09 ප්රහාරක හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිලධාරී ධුරයේ රාජකාරී භාරගත් අතර, සිය ධුර කාලය අවසන් වන තෙක් එම බලඝණයේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන ලදී.
අංක 09 ප්රහාරක හෙලිකොප්ටර් බලඝණයේ නව අණදෙන නිලධාරී ලෙස පත්වූ විංග් කමාන්ඩර් අයි.එස්.බී. තිබ්බොටුමුණුවේ නිලධාරීතුමන්, මෙම නව ධුරයේ රාජකාරී භාරගැනීමට පෙර රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 61 පියාසර ඒකකයේ පියාසර අණදෙන නිලධාරී ලෙස රාජකාරී ඉටු කර ඇත.